වාරියපොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දිවයින පුරා මහජන සේවා සැපයීම ඒකමතික කිරීම අරමුණු කොටගෙන ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය සංවිධානය කළ "Citizen Mirror" තරගාවලියෙන් දිස්ත්‍රික් ශ්‍රේණිගත කිරීමේදී ප්‍රාදේශීය ලේකම් කාර්යාල 30 ක් අතරින් දෙවන ස්ථාන ද දිවයිනේ ශ්‍රේණිගත කිරීමේදී ප්‍රාදේශීය ලේකම් කාර්යාල 340 ක් අතරින් දොළොස්වන ස්ථානය ද හිමිකර ගන්නා ලදී.







