අපගේ දැක්ම

තිරසර ඇරඹුමින් ජන දිවිය සුරැකුමට නිබඳව පෙරට

අපගේ මෙහෙවර

රාජ්‍ය හා ජාතික ප්‍රතිපත්තිවලට අනුකූලව ප්‍රාදේශීය ජනතාවගේ පොදු අවශ්‍යතා කඩිනමින් ඉටුකරමින් මානව හා භෞතික සම්පත් ඵලදායීව යොදාගෙන මහජන සහභාගිත්වය තුළින් තිරසාර සංවර්ධනයක් ළඟාකර ජන ජීවිතය නංවාලීම

ආයතනයේ විකාශනය

වයඹ පළාතේ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුරුණෑගල නගරයේ සිට කුරුණෑගල - පුත්තලම මාර්ගයේ සැතපුම් 15 ක පමණ දුරින් පිහිටා ඇති වාරියපොල ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 30 ක් අතරින් සුවිශේෂී වූ ප්‍රාදේශීය පරිපාලන ඒකකයක් ලෙස හඳුනා ගත හැකිය.

වායු+රිය+පොල හෙවත් වායුවෙන් පදවන ලද රථය නැවැත්වූ ස්ථානය වාරියපොල ලෙස නම යෙදුනු බවත්,රාම රාවණා පුරාවෘත්තයේ රාවණා රජුගේ දඬුමොණරය නම් වූ දැවමය ගුවන් යානය නැවැත්වූ ස්ථානය "වාරියපොල" බවත් ජනප්‍රවාදයේ සඳහන් වේ.

සිංහල වීරත්වය හා අභීත බව ලොවට කියා පාමින් ඉංග්‍රීසින් ගේ ඉංග්‍රීසි කොඩිය බිම හෙලා සිංහ කොඩිය එසවූ විරෝධාර ශ්‍රී සුමංගල හිමියන්ගේ නාමය හේතුවෙන් වාරියපොල ප්‍රාදේශය වඩාත් කීර්තියට පත්ව ඇත.

කුරුණෑගල දිස්ත්‍රික්කය මධ්‍යයේ පිහිටන වාරියපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ප්‍රමාණයෙන් වර්ග කි.මී.180.69 ක (හෙක්ටයාර් 18068.5) වපසරියකින් යුක්ත ග්‍රාම නිලධාරි වසම් 56 කින්  සමන්විත වූවකි. එම ග්‍රාම නිලධාරී වසම් 56 බෙදා වෙන් කරන ලද වාරියපොල, අවුලේගම,මිනුවන්ගැටේ හා වැවගෙදර යන සමෘද්ධි කලාප 04 කින්ද සමන්විත වේ.

උතුරින් මහව හා නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ද,දකුණින් පඬුවස්නුවර නැගෙනහිර හා මාස්පොත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ද, බටහිරින් කොබෙයිගනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ද,නැගෙනහිරින් ගනේවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ද මායිම් ලෙස පිහිටා ඇත.

වර්තමානයේ අප ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මෙහෙයවන නියමුවාණන් වශයෙන් කටයුතු කරනු ලබන්නේ ඩී.පී.සී.උදය කුමාර මහතාය.සහකාර ප්‍රාදේශීය ලේකම්,ගණකාධිකාරී,සහකාර අධ්‍යක්ෂක(සැලසුම්),පරිපාලන නිලධාරී,පරිපාලන ග්‍රාම නිලධාරී යන නිලධාරීගෙන් සමන්විත මාණ්ඩලික නිලධාරී මඩුල්ලද,භාෂා පරිවර්ථක 01,අතිරේක දිස්ත්‍රික් රෙජිස්ටාර් 01,සමෘද්ධි කළමණාකරුවන් 09,ක්ෂේත්‍ර නිලධාරීන් 56,සංවර්ධන නිලධාරීන්62,රාජ්‍ය කළමණාකරණ සහකාර 32,කාර්මික නිලධාරී 01,කාර්මික සහයක 01,තොරතුරු සංනිවේදන හා තාක්ෂණික සහායක 01,ග්‍රාම නිලධාරින් 48, සමෘද්ධි සංවර්ධන නිලධාරින් 84,කාර්යාල කාර්ය සහායක 08,රියදුරු 02,මුරකරු 02 වශයෙන් නිලධාරී 325 කින් යුතු සේවක මඩුල්ලක් වාරියපොල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ මහ ජනතාව වෙනුවෙන් සේවාවන් සැපයීමට කැප වී කටයුතු කරණු ලබයි.

වාරියපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සමස්ථ ජනගහනය 69682 ක් වන අතර ඉන් 98.17% ක ප්‍රතිශතයක් සිංහල ජාතිකයන් වේ.0.38% ක ප්‍රතිශතයක් දෙමළ ජාතිකයන්ද,1.41%ක ප්‍රතිශතයක් මුස්ලිම් ජාතිකයන්ද,0.02%ක ප්‍රතිශතයක් බර්ගර් සහ මැලේ ජාතිකයන්ද කොට්ඨාශය තුළ සමකාමීව ජීවත් වේ.සමස්ථ ජනගහනයෙන් 97.31%ක් වන බහුතරය බෞද්ධ ජනතාව වන අතර 0.36%ක ප්‍රතිශතයක් හින්දු ආගමිකයන්ද,1.41%ක ප්‍රතිශතයක් ඉස්ලාම් ආගමිකයන්ද,0.91%ක ප්‍රතිශතයක් කතෝලික ආගමිකයන්ද කොට්ඨාශය තුළ ජීවත් වේ.

ස්ථිර නිවාස 16449කින්ද,අර්ධ ස්ථිර නිවාස 1676කින්ද,තාවකාලික නිවාස 274කින්ද, නිවාසවල සංයුතිය සැකසෙන අතර කොට්ඨාශයේ සමස්ථ පවුල් සංඛ්‍යාවෙන් 95.16%ක ප්‍රතිශතයයකට තමාගේම නිවසක හිමිකම ඇත.

කොට්ඨාශය තුල ජනගහනයෙන් 70.27% ක ප්‍රතිශතයක් ද්විතීක අධ්‍යාපනය හෝ ඉන් ඉහළ අධ්‍යාපන මට්ටමක් පිළිබිඹු කරන අතර අධ්‍යාපන මට්ටම පදනම් කරගත් සේවා නියුක්තිය දක්වා ඇත.

සමස්ථ ජනගහනයෙන් බහුතරය(40.92%) කෘෂිකර්මාන්තයේ නියැලෙන පිරිිස වන අතර,18.96%ක් රාජ්‍ය අංශයේ ද,17.52% පෞද්ගලික අංශයේද,12.07% කෘෂි කාර්මික නොවන,ස්වයං රැකියා,කුලී වැඩ හි නියුක්ත වේ.

කොට්ඨාශය තුළ පවුලක සාමාන්‍ය ආදායම රු.10000.00ට වැඩි මාසික ආදායමක් ලබන පවුල් සංඛ්‍යාව 7000ක් පමණ වේ.

                                                                                                                                             

1992 වසරේ සිට සේවය කල ප්‍රාදේශිය ලේකම්වරුන්

නම සිට දක්වා
ඩී.එම්.ටී.බී.දසනායක 1992 1994
එච්.එම්.සුනිල් පද්ම ශාන්ත 1994 1995
ආර්.එම්.පී.බණ්ඩාර රාජපක්ෂ 1995 1996
ඩබ්.ජී.දයානන්ද 1997 2003
එම්.එච්.එම්.රියාල්දීන් 2003 2007
ඒ.එම්.පී.අරම්පත් 2008 2014
කේ.එම්.එච්.එස්.කේ.ජයලත් 2014 2017
ඩී.පී.සී.උදය කුමාර 2017 2021.07.07
පී.එම්.එස්. ප්‍රියංගනී පතිරාජ මිය     2021.07.07 2024.05.16

පුවත් සහ සිදුවීම්

03
අගෝ2026
 "Citizen Mirror" තරගාවලිය

"Citizen Mirror" තරගාවලිය

    වාරියපොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දිවයින...

08
අප්‍රේ2026
සුරකිමු ලංකා

සුරකිමු ලංකා

      බලශක්ති සුරක්ෂිතතාව වෙනුවෙන් “සුරකිමු...

« »
Scroll To Top