වර්ෂ 2024 සමෘද්ධි ප්‍රතිලාභීන් සවිබල ගැන්වීමේ වැඩසටහන

වාරියෙපාල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සමෘද්ධි  බැංකු සංගම් 04කි. මෙහි සමෘද්ධි  ප්‍රතිලාභ ලබන පවුල් ඒකක 5329 පමණ තිබේ. ඉන් ප්‍රතිලාභීන් 413 දෙනෙකු සවිබල ගැන්වීමට නියමිතය.

ඒ අනුව වාරියෙපාල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන මුදල රු. 720,588.00කි. එම ප්‍රතිපාදන වලින් කෘෂි වැඩසටහන සඳහා රු. 214,990/- ක්ද, කර්මාන්ත සංවර්ධනය සඳහා රු. 142,633/- ක්ද, ධීවර හා  සත්ත්ව පාලනය සඳහා රු. 362,965/- කද  මුදලක් වෙන් කර ඇත.

මෙහි පවතින සමාජ පරිසරය හා ආර්ථික වටපිටාව අනුව කර්මාන්ත සංවර්ධන හා අලෙවි සංවර්ධන වැඩසටහන අනුව පහත දැක්වෙන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා සැලසුම් කර ඇත.

සමෘද්ධි  ප්‍රතිලාභීන් පවුල් 14ක අලෙවි සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා ජංගම කරත්ත 03ක් ලබා දීමට නියමිතය. කොළකැඳ හා බීම වර්ග අලෙවිය, කිරි වෙළදාම, වඩේ හා කෙටි කෑම වර්ග වෙළදාම, පළතුරු ආහාර පාන අලෙවිය සහ සිල්ලර වෙළඳාම සඳහා අධි ශීතතකරණයක් ලබාදීම මේ යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘතීන් වේ.

මීට අමතරව සුළු හා මධ්‍යම පරිමාණ අලෙවි හා  කර්මාන්තකරුවන් වෙනුවෙන් වැඩි අවධානයක් යොමුව තිබේ. ඒ යටතේ ඇඟළුම් කර්මාන්තය සඳහා මහන මැෂින් ලබාදීමේ ව්‍යාපෘති, නිවාසවල සිදුකරන වෙළඳ ව්‍යාපාර සඳහා ශිතකරණ, තරාදි හා වෙනත් උපකරණ කට්ටල 80ට අධික සංඛ්‍යාවක් ලබාදීමට හදුනාගෙන ඇත.

එමෙන්ම  සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපෘති වැඩි දියුණු කිරීමේ අරමුණෙන් පුහුණු වැඩමුළු හා බැංකු ණය ලබාගෙන කිරි ගව පාලනයේ යෙදෙන්නන් හට පන්නල ෆොන්ටේරා සත්ව ගොවිපලේ ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකාවක්ද,අඹේවෙල ගොවිපලේ ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකාවක්ද සඳහා ප්‍රතිලාභින් රැගෙන යන ලදී.

පුවත් සහ සිදුවීම්

03
අගෝ2026
 "Citizen Mirror" තරගාවලිය

"Citizen Mirror" තරගාවලිය

    වාරියපොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දිවයින...

08
අප්‍රේ2026
සුරකිමු ලංකා

සුරකිමු ලංකා

      බලශක්ති සුරක්ෂිතතාව වෙනුවෙන් “සුරකිමු...

« »
Scroll To Top