ඉඩම් පරිපාලනය
- ඉඩම් සංවර්ධන ආඥාපනත, ඉඩම් ප්‍රදාන විශේෂ විධිවිධාන පනත හා රජයේ ඉඩම් ආඥා පනත යටතේ රජයේ හිස් ඉඩම් ගම් පුළුල් කිරිම සදහා බෙදාදීම.
- රජයේ ඉඩම් ආඥාපනත යටතේ බෙදාදී ඇති ඉඩම්වල පසු කටයුතු
මුල් උරුමය පැවරීම
අවශ්‍ය ලේඛන
- ප්‍රාදේශීය ලේකම් වෙත කරන ලද ඉල්ලීමේ ලිපිය
- දීමනා පත්‍රයේ හා පිඹුරේ මුල් පිටපත් හා කොපි
- පත්ඉරු සටහන්
- ඉඩමේ පදිංචිකරුවන් පිළිබද ග්‍රාම නිලධාරි වාර්තාව
- දීමනාපත්‍රකරුගේ උරුමකරුවන් පිළිබද ග්‍රාම නිලධාරි වාර්තාව - වයස් අනුපිළිවෙලට උපන්දිනය සහිතව
- සියළුම උරුමකරුවන් මෙම මුල් උරුමය පැවරිමට එකඟව ලබා දෙන දිවුරුම් ප්‍රකාශය - රු 25/- ක මුද්දරයක් මත අත්සන් කර සාමවිනිසුරු ඉදිරියේ
- දීමනාපත්‍රකරුගේ හා කලත්‍රයාගේ මරණ සහතික
- යම් උරුමකරුවෙකු මිය ගොස් ඇත්නම් මරණ සහතික මුල් පිටපත් හා කොපි
පසු උරුමය පැවරීම
- ප්‍රාදේශිය ලේකම් වෙත කරන ලද ඉල්ලීමේ ලිපිය
- දීමනා පත්‍රයේ සහ පිඹුරේ කොපි හා මුල් පිටපත්
- ඉඩමට අදාල පත්ඉරු සටහන්
- ඉඩමේ පදිංච්කරුවන් පිළිබඳ ග්‍රාමනිලධාරී වාර්තාව
- පසු උරුමකරුවන් එක් අයෙකුට වැඩිය නම් කරන්නේ නම් බලයලත් මිනින්දෝරුවරයකු විසින් අදින ලද පිඹුර හා කොපියක්
- පසු උරුමකරුවන්ගේ උප්පැන්න සහතික හා පිටපත්
- මෙම පසු උරුමය නම්කිරීම තම කැමැත්තෙන් සිදු කරන බවට ලබාදෙන දිව්රුම් ප්‍රකාශය(සාම විනිසුරු ඉදිරියේ රු.25ක මුද්දරයක් මත අත්සන් කර)
- දීමනාපත්‍රකරුගේ වාචික ප්රකාශයඅදාල ආකෘතිය සම්පූර්ණ කර පළමු පිටුවේ සාක්ෂිකරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් ලෙස ග්‍රාම නිලධාරී අත්සන් කළ යුතුය
- සියළුම උරුමකරුවන් දැනුම් දෙන දිනයේදි ප්‍රාදේශීය ලේකම් ඉදිරියේදි වාචික ප්‍රකාශ ලබා දිය යුතු බැවින් දැනුම් දෙන දිනයේදි ජාතික හැදුනුම්පත ද රැගෙන පැමිණිය යුතුය.
දීමනාපත්‍ර කොන්දේසි ලිහිල් කිරීම
- දීමනාපත්‍රකරුගේ ඉල්ලීමේ ලිපිය
- ඇමුණුම 1 ආකෘතිය මගින් පළාත් ඉඩම් කොමසාරිස්ගේ අනුමැතිය ලද පසු ඇමුණුම 2 ආකෘතියට දිමනාපත්රකරු අත්සන් කිරීම සාක්ෂීකරුවන් දෙදෙනෙකුගේ අත්සන් ගැනීම.
- මුල් ඔප්පුව රජයට භාර දීම.
- පියවර ගණනාවක් යටතේ නව දීමනා පත්‍රය සකස් කළ පසු රන්බිම සේවා ගාස්තු ලෙස රු.100/- ක් අයකර නව දීමනාපත්‍රය භාර දීම.






